32.2 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙවන කුඹල් පෙරහැරේදී නොසන්සුන් වූ ඇතුන්

දෙවන කුඹල් පෙරහැරේදී නොසන්සුන් වූ ඇතුන්

මහනුවර දෙවන කුඹල් පෙරහර වීදි සංචාරය කරන අතරතුරදී ඇතුන් කිහිපදෙනෙකු නොසන්සුවීම හේතුවෙන් පෙරහැර නරඹමින් සිටි පිරිස බිය හිස් ලූ ලූ අත දිවයාමෙන් ඊයේ රාත්‍රියේ මහත් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.

එම අවස්ථාවේදී නුවර වැව රවුමේ පෙරහැර නරඹමින් සිටි පිරිසක් වැවට පැන ඇති අතර පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් සහ නාවික හමුදා නිලධාරීන් විසින් ඔවුන් බේරාගැනීමට කටයුතු කර තිබේ.

කලබලයට පත්වූ ඇතුන් දෙදෙනා දළදා වීදිය ඔස්සේ දිවගොස් එක් ඇතෙක් ප්‍රසිද්ධ හෝටලයක කොරිඩෝව මතට කඩාවැදී ඇති අතර ඇත්ගොව්වන් පිරිසක් විශාල පරිශ්‍රමයක් දරා එම ඇතා බැඳ දැමීමට කටයුතු කර ඇත.