ආර්ජන්ටිනාව, බ්‍රසීලය, කොලොම්බියාව සහ බහරේන් යන රටවල Mastercard සහ Crypto Exchange Binance ඔවුන්ගේ ක්‍රිප්ටෝ කාඩ්පත් වැඩසටහන් සැප්තැම්බර් 22 වනවිට අවසන් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව Binance කාඩ්පත් මඟින් පරිශීලකයින්ට සම්ප්‍රදායික මුදල්වලින් ගෙවීම් කිරීමට ඉඩ ලබා දී ඇති අතර එම හුවමාරුවෙහි ඇති ඔවුන්ගේ මුදල් ඒ හරහා ගනුදෙනු සඳහා යොදා ගැනීමට ඉඩ සලසා දී ඇති බවයි එහි උසස් නිලධාරියෙක් කියා සිටියේ.
කෙසේ වෙතත් මෙම තීරණය Mastercard හි අනෙකුත් කිසිඳු ක්‍රිප්ටෝ කාඩ්පත් වැඩසටහනකට බල නොපානු ඇත.