27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldමැඩගස්කරයේ ක්‍රීඩාංගණයක තෙරපීමකින් 12ක් ජීවිතක්ෂයට

මැඩගස්කරයේ ක්‍රීඩාංගණයක තෙරපීමකින් 12ක් ජීවිතක්ෂයට

මැඩගස්කරයේ අගනුවර වන ඇන්ටනානාරිවෝ හි ක්‍රීඩාංගණයක සිදුවූ තෙරපීමකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අනතුරින් තවත් පුද්ගලයින් 80 දෙනෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එරට පැවැත්වෙන ‘ඉන්දියන් ඕෂන් අයිලන්ඩ්’ ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය නැරඹීමට ක්‍රීඩාංගණයට ඇතුළු වීමට උත්සාහ කිරිමේ දී මෙම තෙරපීම සිදුව තිබෙනවා.

පුද්ගලයන් 50,000කට අධික ප්‍රමාණයක් ක්‍රීඩාංගණය වෙත ඇතුළු වීමට මෙලෙස උත්සාහ දරා ඇති අතර ක්‍රීඩාංගණයේ ධාරිතාව පවතින්නේ පුද්ගලයින් 41,000කට පමණක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.