― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsPoliticalනැවත ජනාධිපතිකම කිරීමේ කිසිම අපහසුවක් නෑ - මෛත්‍රී

නැවත ජනාධිපතිකම කිරීමේ කිසිම අපහසුවක් නෑ – මෛත්‍රී

තමාට යළිත් ජනපති ධූරය මෙහෙයවීමේ කිසිදු අපහසුවක් නොමැති බවත් සිරිමාවෝ මැතිණියගෙන් පසු ලෝකයම දිනාගත් එකම ජනාධිපතිවරයා තමන් බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

හිටපු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමිනි.

කිසිම දේශපාලන පක්ෂයක කැපුවත් නිල්, කැපුවත් කොළ, කැපුවත් රතු කියන අය දැන් නෑ. අද ව්‍යාපාරිකයෝ සතුටින් නෑ. රාජ්‍ය සේවකයා සතුටින් නෑ. ධීවරයෝ සතුටින් නෑ. සාමාන්‍ය පුරවැසියා සතුටින් නෑ. පාසල් ගත්තහම මත්කුඩු, මත්ද්‍රව්‍ය, අයිස් පිළිබඳ ප්‍රශ්න ඉතාම උග්‍රයි. මේවා මර්දනය කිරීම සහ අනෙක් ප්‍රශ්න විසඳීම සම්බන්ධයෙන් මීට වඩා කාර්යක්ෂම වැඩිපිළිවෙලක අවශ්‍යතාවය අපි දකිනවා. ඒක අපිට කරන්න පුළුවන්. අපි පක්ෂයක් විදියට අපිට ඒවට විසඳුම් තියෙනවා. මම ජනාධිපතිකම කරපු කෙනෙක් විදියට මට ඒ අත්දැකීම් එක්ක නැවත ජනාධිපතිකම කිරීමේ කිසිම අපහසුවක් නෑ. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගෙන් පස්සේ මගේ යහපාලන කාලය තමා මුළු ලෝකයම දිනාගත්ත කාලය කියලා මම ඉතාම පැහැදිලිව කියනවා.

ඒක තමා අපි කියන්නේ ආණ්ඩුව ලියලා එවන්න. එතකොට අපේ උත්තරය අපි එවන්නම්. ඒකයි මම උත්තර යැවුවේ. ඔබතුමා කිව්වානේ මේක ජනාධිපතිවරු 7 දෙනෙක් කරේ නෑ කියලා. මේ සැරෙත් කරන්නේ ඕකම තමා. මගේ විශ්වාසය නම් කෙරෙන්නේ නෑ කියලා ඉතින්…”