29.5 C
Colombo
Saturday, April 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහැඳුනුම්පත ලබා ගැනීමට නොහැකි වූවන්ට සුබ පණිවුඩයක්

හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකි වූවන්ට සුබ පණිවුඩයක්

උප්පැන්න සහතිකයක් නොමැති වීමෙන් මෙතෙක් ජාතික හැඳුනුම්පත ලබා ගැනීමට නොහැකි වූ පුද්ගලයින්ට හැඳුනුම්පත් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ.

වයස අවුරුදු 40 සම්පූර්ණ වූ පුද්ගලයින් සඳහා එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් පත්‍රිකාවක් යවා ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් ප්‍රදීප් සපුතන්ති පැවසීය.

ඒ අනුව යම් ග්‍රාම නිලධාරි කොට්ඨාසයක ස්ථිර පදිංචි සහිත, ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි, වයස අවුරුදු 40 ඉක්ම වූ ශ්‍රී ලාංකික පුරවැසියන්ට මේ සඳහා අයදුම් කිරීමේ හැකියාව පවතී.