25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅදත් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

අදත් මහනුවර විශේෂ රථවාහන සැලැස්මක්

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ දහවල් පෙරහැර වෙනුවෙන් අදත් (31) විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

ඒ අනුව අද දහවල් 11.59ට පෙරහැර ඝණදෙවි කෝවිලෙන් පිටත්ව කටුකැලේ වීදිය, දළදා වීදිය, කොටුගොඩැල්ල වීදිය, කන්දේ වීදිය, එස්සේ ඩී.එස්. සේනානායක වීදිය මංසන්ධියට පැමිණ දහවල් 1.16ට ගෙඩිගේ විහාරයෙන් පිටත් වේ.

පසුව ඩී.එස්. සේනානායක වීදිය, පන්සල පාර ඔස්සේ දේව වීදියෙන් රජ වීදියට හැරී මාළිගාවට ගෙවැදීමට නියමිතය.