― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsබස් ගාස්තුත් වැඩි වන ලකුණු

බස් ගාස්තුත් වැඩි වන ලකුණු

ඉන්ධන මිල ඉහළ යෑම හේතුවෙන් අවම බස් ගාස්තු සංශෝධනයක් සහ බස් ගාස්තු වැඩිවීමක් අපේක්ෂා කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත පැවසීය.

ඊයේ රාත්‍රියේ සිදු වෙච්ච ඉන්ධන සංශෝධනය සමග පොදු ප්‍රවාහනයට බලපෑමක් සිදු වෙලා තියෙනවා මේ සඳහා ගමනාගමන කොමිෂන් සභාවෙන් අපි සාකච්ඡාවක් ඉල්ලලා තියෙනවා අද 11ට, ඉන්පසුව අපි තීරණයක් ගන්නවා, මේ පොදු ප්‍රවාහනය සඳහා භාවිතා කරන ඩීසල් තමයි වැඩි කරලා තියෙන්නේ, ඩීසල් ලොකු ගානකින් වැඩි වුණත් සුපර් ඩීසල් වැඩි ප්‍රමාණයකින් වැඩි වෙලා නැහැ, ඉන්ධන වලට ගණන් වැඩි වෙන සූත්‍රයක් තියෙනවා නං බස් ගාස්තු වැඩි වෙන්නත් සූත්‍රයක් අනිවාර්යෙන් තියෙන්න ඕන නැති උනොත් අපිට මේ පොදු ප්‍රවාහන සේවා සපයන්න බැරි වෙනවා.

රුපියල් තිස් පහක් කියන්නේ අපිට ලොකු ගානක්,මේක දරාගන්න බෑ . දුර බස් රථ සේවා සඳහා රුපියල් 6000ක පමණ බලපෑමක් තියෙනවා. කෙටි බස් සේවා සඳහා රුපියල් දෙදාහක් විතර බලපෑමක් තියෙනවා. ඇත්තෙන්ම තියන බස් ගාස්තුවත් ජනතාවට දරාගන්න බෑ ඒ නිසා අපි NTC එක සමඟ සාකච්ඡා කරනවා වැඩි වෙන ප්‍රමාණය පිළිබඳව, රුපියල් 35 කියන එක අපිට ලොකු ගානක්. මේ නිසා තමයි අපි බස් ගාස්තු වැඩි කරන්න තීරණය කරලා තියෙන්නේ, ඒ වගේම කෙටි දුර ධාවනය අවම ගාස්තුව වැඩි වීමකුත් අපි බලාපොරොත්තු වෙනවා. අවම 7% බස් ගාස්තුවක් එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා”