― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsස්වේච්ඡා ගුරුවරු 249 කගේ සේවය ස්ථිර කෙරේ

ස්වේච්ඡා ගුරුවරු 249 කගේ සේවය ස්ථිර කෙරේ

උතුරු නැගෙනහිර පළාත්වල රජයේ පාසල්වල සේවය කරන ස්වේච්ඡා ගුරුවරු 249 දෙනෙකුගේ සේවය වහාම ස්ථිර කිරීමට අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබේ.

ඒ බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා පසුගිය 30 වැනිදා යාපනයේදී පැවසීය.

පසුගිය කාලය තුළ උතුරේ ස්වේච්ඡා ගුරුවරුන්ගේ සේවය ස්ථිර කරන ලෙස ඉල්ලා එම සංගමය විරෝධතා උද්ඝෝෂණ හා උපවාස 289ක් උතුරු නැගෙනහිර ප්‍රදේශ පුරා පවත්වා තිබේ.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිය සේවය ස්ථිර කර දෙන ලෙස ඉල්ලා සිටීමට උතුරු නැගෙනහිර ස්වේච්ඡා ගුරු සංගමයේ නියෝජිතයින් පිරිසක් අමාත්‍යවරයා හමුවීමට ගිය අවස්ථාවේදීයි.