28.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරාජකුමාරිගේ මරණයට තවත් තිදෙනෙක් අත්අඩංගුවට

රාජකුමාරිගේ මරණයට තවත් තිදෙනෙක් අත්අඩංගුවට

වැලිකඩ පොලිස් අත්අඩංගුවේ සිටියදී රාජන් රාජකුමාරි නැමැති මෙහෙකාර කාන්තාව මරණයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ කොස්තාපල්වරයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මීට පෙර ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගත් අතර රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටියදී මෙම මෙහෙකාර කාන්තාව පොලීසියේදී ජීවිතක්ෂයට පත් විය.

ඊට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසයි අධිකරණය නියෝග කර ඇත්තේ.