26.1 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportශ්‍රී ලංකා කණ්ඩායම අද පාකිස්ථානයට

ශ්‍රී ලංකා කණ්ඩායම අද පාකිස්ථානයට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරගවලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද පාකිස්ථානය බලා පිටත්ව ගොස් තිබෙනවා.

අප ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ ක්‍රීඩකයින්, පුහුණුකරුවන්, නිලධාරීන් ඇතුළු 26 දෙනෙකුගෙන් යුතු පිරිසක් මෙම සංචාරය සඳහා එක් වී සිටි බවයි.

ඔවුන් අද පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළෙන් පකිස්තානයේ ලාහෝර් නුවර බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 141 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගය එළඹෙන ලබන 5 වනදා පකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.