30 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි

නව බස් ගාස්තු අද සිට ක්‍රියාත්මකයි

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් වැඩි කෙරුණු නව බස් ගාස්තු අද සිට ක්‍රියාත්මක වනවා.

පසුගියදා ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් ජාතික ගමනාගමන කොමිෂන් සභාව සහ පෞද්ගලික බස් සංගම් අතර සිදු කළ සාකච්ඡාවකින් අනතුරුවයි බස් ගාස්තු ඉහළ නැංවීමට තීරණය කෙරුණේ.

ඒ අනුව 4.01%කින් බස් ගාස්තු ඉහළ නැංවීමට තීරණය කළ අතර අවම බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදු කර නැහැ.