26 C
Colombo
Wednesday, December 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldදුරදිග ගිය හාදුවෙන් චීන පෙම්වතා රෝහලේ

දුරදිග ගිය හාදුවෙන් චීන පෙම්වතා රෝහලේ

පෙම්වතියට මිනිත්තු 10ක හාදුවක් දීමෙන් වම් කණට හානි වී කන් නොඇසී ගිය පෙම්වතෙකු පිළිබඳ පුවතක් චීනයෙන් වාර්තා වෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අගෝස්තු 22 වැනිදාට යෙදී තිබූ චීන ආදරවන්තයින්ගේ දිනයේදී මෙම සිදුවීම සිදු වී ඇති බවයි.

හාදුව ලබා දෙන මොහොතේ තමාට වම් කන ඇතුළෙන් පිපුරුම් හඬක් ඇසුණු බවත් ඉන්පසු දැඩි වේදනාවක් හටගත් බවත් පෙම්වතා පවසා තිබෙනවා.

කෙසේනමුත් පෙම්වතා එම අවස්ථාවේදීම රෝහල්ගත කර ඇති බවත් ඔහු සුවය ලැබීමට මාස දෙකක පමණ කාලයක් ගතවනු ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.