12.5 C
London
Saturday, September 30, 2023

විදුලිය විසන්ධි කිරීමට ගිය සේවකයෙකුට ප්‍රහාරයක්

දික්ඔය රනරාජා වත්තේ නිවසක විදුලි බිල නොගෙවීම හේතුවෙන් එහි විදුලිය විසන්ධි කිරීමට ගිය විදුලි සේවකයෙකුට නිවෙස් හිමියන් විසින් පහරදීමේ සිදුවීමක් වාර්තා වනවා.

අදාළ නිවසේ විදුලි බිල වසරක කාලයක් පුරා නොගෙවීම හේතුවෙනුයි විදුලි සැපයුම විසන්ධි කිරීමට විදුලිබල මණ්ඩල සේවකයින් ගොස් ඇත්තේ.

එහිදී නිවෙස් හිමියා සහ ඔහුගේ බිරිඳ විසින් තමන්ට පහරදී තමාගේ ටැබ් යන්ත්‍රය පැහැරගත් බවට පවසමින් එම සේවකයා හැටන් පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

ගිනිගත්හේන ප්‍රාදේශිය විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවය කරන විදුලිය විසන්ධි කිරිම සහ සම්බන්ධතාවය ලබාදෙන නිලධාරියා තවත් අයෙකු සමග අද අදාළ පාරිභෝගිකයාගේ නිවසට ගොස් තිබුණා.

එහිදී ඔවුන් ඉල්ලා ඇත්තේ වසරක පමණ කාලයක් රුපියල් 12000කට ආසන්න විදුලි බිල ගෙවා නොතිබීම හේතුවෙන් එම මුදල ගෙවන ලෙසටයි. එහිදී උරණ වු එම නිවසේ පදිංචිකරු තම රාජකාරියට බාධා කරමින් තමන්ට පහර දුන් අතර ඔවුන්ගේ බාධා කිරීම් මැද එම නිවසට ලබා දි තිබු විදුලි සම්බන්ධතාවය ද විසන්ධි කළ බවයි පහර කෑමට ලක්වූ බව කියන සේවකයා පොලිසියට පැමිණිලි කර ඇත්තේ.

මේ අතර විදුලිබල මණ්ඩලයේ නිලධාරින් පිරිසක් තම නිවසේ විදුලි බලය විසන්ධි කිරීමට පැමිණ අවස්ථාවේ ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමේදී විදුලි බල මණ්ඩලයේ නිලධාරියා තමන්ට සහ බිරිඳට පහර දුන් බව නිවෙස් හිමියා ද පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

දෙපාර්ශවයේම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි හැටන් පොලිසිය සඳහන් කළේ.

Latest

කෝටි දෙකකට වෙන්දේසි වූ මයිකල් ජැක්සන්ගේ තොප්පිය

ලෝ ප්‍රකට පොප් සංගීත කලාකරුවකු වන අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන්ගේ...

එංගලන්ත සත්වෝද්‍යානයකට දුර්ලභ ‘ඇන්ඩියන් වලසෙක්’

පසුගිය දා එංගලන්තයේ චෙස්ටර් සත්වෝද්‍යානයට අති දුර්ලභ 'ඇන්ඩියන් වලසෙකු'...

සුපිරි වෙළඳසැලේදී ගුටි කෑ කත පොලීසියෙන් එල්ල වූ බලපෑම් හෙළිකරයි

බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී...

මෙරට විශ්වවිද්‍යාල 02ක් ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට

2024 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට ශ්‍රී ලංකාවේ කොළඹ...

Don't miss

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනසක් අවශ්‍යයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනසක් සිදු කළ යුතු බව...

සංස්කෘතියට ගරු කරන දරුවෙක් හැදීම දෙමාපියන්ගේ වගකීමක්

මෙරට පැරණි හෝ නූතන පරම්පරාවට අයත් කවුරුන් හෝ වේවා...

බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා

බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී...

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා

මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක්...

වැඩබලන අමාත්‍යවරුන් පස් දෙනෙකු පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද...

සුපිරි වෙළඳසැලේදී ගුටි කෑ කත පොලීසියෙන් එල්ල වූ බලපෑම් හෙළිකරයි

බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී තරුණ කාන්තාවකට පහරදීමේ සිද්ධියක් පිළිබඳව පසුගිය දා සමාජයේ දැඩි ලෙස කතාබහට ලක් වුණා. අදාළ සුපිරි වෙළඳසැලේ...

මෙරට විශ්වවිද්‍යාල 02ක් ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට

2024 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට ශ්‍රී ලංකාවේ කොළඹ විශ්ව විද්‍යාලය සහ පේරාදෙණිය විශ්වවිද්‍යාල තේරී පත්ව තිබෙනවා. 'Times Higher Education World University' 2024 ශ්‍රේණිගත කිරීම...

රියදුරන්ට අවවාදාත්මක නිවේදනයක්

කඳුකර ප්‍රදේශවල ධාවනයේ යෙදෙන රියදුරන් ඉතා ප්‍රවේශම් විය යුතු බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව නුවරඑළිය - හැටන් ප්‍රධාන මාර්ගය, හැටන් - කොළඹ...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here