29.3 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැල්ලවායේ මනුෂ්‍ය ඝාතනයක්

වැල්ලවායේ මනුෂ්‍ය ඝාතනයක්

වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ගම්පංගුව ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රි පුද්ගලයකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

අදාළ පුද්ගලයා රැඳී සිටි නිවසේ දී මෙම ඝාතනය සිදුව ඇති අතර මෙලෙස මිය ගොස් ඇත්තේ නිලංක චාමර නොහොත් ‘හිංචා’ නැමැති 33 හැවිරිදි අයෙක්.

මෙලෙස ඝාතනයට ලක්වූ පුද්ගලයාට මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවයි වාර්තා වුණේ.

මළ සිරුර සම්බන්ධයෙන්වන ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමට නියමිතව ඇති අතර වැල්ලවාය පොලීසිය ඉදිරි විමර්ශන සිදුකරනු ලබනවා.