33.4 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeSportරග්බි පිටියේ ප්‍රබලයින් අනපේක්ෂිත පරාජයකින් ලෝක කුසලාන ගමන අරඹයි

රග්බි පිටියේ ප්‍රබලයින් අනපේක්ෂිත පරාජයකින් ලෝක කුසලාන ගමන අරඹයි

රග්බි පිටියට වසන්තය ගෙනඑමින් රග්බි ලෝක කුසලාන තරගාවලිය ඊයේ (08) ප්‍රංශයේ දී ආරම්භ වුණා.

ඒ, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙවර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් සත්කාරකයින්වන ප්‍රංශය සහ ප්‍රබල නවසීලන්ත ඕල්බ්ලැක්ස් කණ්ඩායම තරග බිමට පිවිසියා.

තුන් වතාවක් ලෝක ශූරන් බවට පත්ව සිටින ප්‍රබල ඕල්බ්ලැක්ස් කණ්ඩායම පරාජයට පත්කළ සත්කාරක ප්‍රංශය මෙවර තරගාවලියට ආකර්ෂණීය ආරම්භයක් ලබාදෙමින් සුපිරි ජයක් හිමිකර ගත්තා.

මෙම තරගයේ ජය ප්‍රංශය හිමිකර ගත්තේ ලකුණු 27-13ක් ලෙසයි.