12.5 C
London
Saturday, September 30, 2023

අදත් ප්‍රදේශ රැසකට වැසි

අද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ බරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

මන්නාරම, වව්නියාව සහ අනුරාධපුර දිස්ත්‍රික්වල ද වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්වලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් විටින් විට හමන පැයට කිලෝමීටර් 40ක් 45ක් පමණ වන තරමක තද සුළං ද ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

Latest

කෝටි දෙකකට වෙන්දේසි වූ මයිකල් ජැක්සන්ගේ තොප්පිය

ලෝ ප්‍රකට පොප් සංගීත කලාකරුවකු වන අභාවප්‍රාප්ත මයිකල් ජැක්සන්ගේ...

එංගලන්ත සත්වෝද්‍යානයකට දුර්ලභ ‘ඇන්ඩියන් වලසෙක්’

පසුගිය දා එංගලන්තයේ චෙස්ටර් සත්වෝද්‍යානයට අති දුර්ලභ 'ඇන්ඩියන් වලසෙකු'...

සුපිරි වෙළඳසැලේදී ගුටි කෑ කත පොලීසියෙන් එල්ල වූ බලපෑම් හෙළිකරයි

බොරැල්ල, කොටා පාර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළ දී...

මෙරට විශ්වවිද්‍යාල 02ක් ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට

2024 වසරේ ලොව හොඳම විශ්වවිද්‍යාල අතරට ශ්‍රී ලංකාවේ කොළඹ...

Don't miss

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වෙනසක් අවශ්‍යයි – මහින්ද

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෙනසක් සිදු කළ යුතු බව...

සංස්කෘතියට ගරු කරන දරුවෙක් හැදීම දෙමාපියන්ගේ වගකීමක්

මෙරට පැරණි හෝ නූතන පරම්පරාවට අයත් කවුරුන් හෝ වේවා...

බුදු සසුන ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවනවා

බුද්ධ ශාසනය ආරක්ෂා කරගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවම රජය කැපවී...

වසර අවසන් වන විට සංචාරකයන් ලක්ෂ 15ක් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරනවා

මෙම වසර අවසන් වන විට විදෙස් සංචාරකයන් ලක්ෂ 15ක්...

වැඩබලන අමාත්‍යවරුන් පස් දෙනෙකු පත් කෙරේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජර්මනියේ නිල සංචාරයක් සඳහා අද...

ප්‍රදේශ රැසකට අදත් තද වැසි

දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව අද (29) දිනයේත් බස්නාහිර, සබරගමුව,...

පළාත් රැසකට අදත් තද වැසි

අද (28) දිනයේදී බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව...

අද සිට වැසි වැඩිවෙයි

අද (27) සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම...

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here