― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeWorldමොරොක්කෝ භූ කම්පනයෙන් මියගිය පිරිස ඉහළට

මොරොක්කෝ භූ කම්පනයෙන් මියගිය පිරිස ඉහළට

පසුගිය සිකුරාදා රාත්‍රියේ මධ්‍යම මොරොක්කෝවට බලපෑ දරුණු භූ කම්පනයෙන් මියගිය පිරිස 2,122 ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගිය අය අතර වැඩි පිරිසක් කුඩා ළමුන් බව ද මොරොක්කෝ බලධාරීන් සඳහන් කරනවා. වසර 60 කට පමණ පසු එරට සිදුවූ මෙම දරුණු ඛේදවාචකයෙන් පුද්ගලයින් 2,421 දෙනෙකු තුවාල ලබා ඇති බවයි තොරතරු වාර්තා වුණේ.

භූ කම්පනයෙන් පසු සුන්බුන් යට සිරවී සිටින අය බේරාගැනීමට මොරොක්කෝව මේ වනවිට කාලය සමඟ තරඟයකට මුහුණ දීමට සිදුව තිබෙනවා.

හදිසි සේවාවලට දුරස්ථ ප්‍රදේශවලට සිය සේවාවන් සැපයීම ද තවමත් අසීරු වී ඇති අතර, එම සේවා කණ්ඩායම් ද සේවා සැපයීම වෙනුවෙන් දැඩි සටනක නිරත වන බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස් බේරාගැනීමට සහන කණ්ඩායම්වලට යන්ත්‍ර සූත්‍ර සපයා ගැනීම ද ගැටළුවක් වී ඇති අතර, ඒ හේතුවෙන් දෑත් සහ සවල් ආධාරයෙන් සුන්බුන් අතර කැනීම් සිදුකරන බවට ද තොරතුරු වාර්තා වනවා.

රිච්ටර් මාපකයේ 6.8ක ප්‍රභලත්වයක් ගත් මෙම භූ කම්පනය හේතුවෙන් යුනෙස්කෝ ලෝක උරුමයක් වන මරකේෂ්ගේ පැරණි නගරයට හානි සිදුව තිබෙනවා.

මේ අතර මෙම ව්‍යසනයත් සමඟ මොරොක්කෝවේ VI වන මොහොමඩ් රජු සෙනසුරාදා දිනයේ සිට දින තුනක් ජාතික ශෝක කාලයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද කටයුතු කරනු ලැබුවා.