27.8 C
Colombo
Tuesday, July 15, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසිව් හැවිරිදි දැරියක් නින්දේදීම මිය ගිහින්

සිව් හැවිරිදි දැරියක් නින්දේදීම මිය ගිහින්

ඊයේ (11) දහවල් සිව් හැවිරිදි දැරියක් හිටි හැටියේම ජීවිතක්ෂයට පත්ව ඇති බව හොරණ මූලස්ථාන පොලිසිය පවසයි.

දැරිය සුපුරුදු පරිදි මව සමග කාමරේ නින්දට ගොස් ඇති අතර මව අවදිව බැලීමේදී දැරිය නින්දේ සිට ඇති බවයි පොලිසිය පවසන්නේ.

මව දැරිය ගැන විමසිල්ලෙන් බැලීමේදී දැරියට මුත්‍රා පහ වී අයුරු දුටු මව දැරියගේ ඇඳුම් මාරු කිරීම සූදානම් වීමේදී දැරියගේ ශරීරය අප්‍රාණිකව ඇති අයුරු දැනී කලබල වී සිය සැමියාට ඒ බව දුරකථනයෙන් දන්වා තිබේ.

ඉන්පසු මව තම දරුවා වඩාගෙන නිවස ඉදිරිපිටට පැමිණ මාර්ගයේ ගමන් ගත් යතුරු පැදියකින් දැරියව හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

එහිදී දැරිය පරික්ෂා කර බැලූ වෛද්‍යවරුන් මවට පවසා ඇත්තේ දැරිය මියගොස් ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ හොරණ ප්‍රදේශයේ පදිංචිව සිටි සසුකි අනන්යා සේසන්ති නමැති සිව් හැවිරිදි දැරියකි.

හොරණ මූලස්ථාන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.