30 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඩෙංගු අධි වසංගත කලාප 13ක්

ඩෙංගු අධි වසංගත කලාප 13ක්

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 13ක් මේ වනවිට ඩෙංගු අධි වසංගත කලාප ලෙස නම් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

ඉන් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර ඒ අතරිනුත් කොළඹ දිස්ත්‍රික්කයෙනුයි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ. එම සංඛ්‍යාව දහතුන් දහස් තුන්සිය දෙකකි.

එසේම මේ මාසයේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් නවසිය හැටදෙනෙකු වාර්තා වී තිබේ. පවතින වැසි තත්ත්වය සමග මදුරු ගහණය වැඩිවිය හැකි බවත් එම නිසා ඩෙංගු ව්‍යාප්තිය ඉහළ යා හැකි බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය අනතුරු අඟවයි.