25.6 C
Colombo
Saturday, December 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldචීන නෞකාව ඉන්දියන් සාගරයේ චාරිකාවක

චීන නෞකාව ඉන්දියන් සාගරයේ චාරිකාවක

ලබන මස 25 වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත ෂී යැන් 6 පර්යේෂණ නෞකාව දකුණු චීන වරායෙන් ඉන්දියානු සාගරයේ නැගෙනහිර ප්‍රදේශයේ ගවේෂණ චාරිකාවක් සඳහා පිටත්ව ගොස් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ චීන විද්‍යා ඇකඩමිය යටතේ පවතින දකුණු චීන මුහුදේ සාගර විද්‍යා ආයතනය විසින් සංවිධාන කරන ලද මෙම ගවේෂණයට නාවික සැතපුම් 12,000 කට වඩා වැඩි පරාසයක් ආවරණය වන බවයි.

මෙම නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා මෙරට රජය පසුගියදා අවසර ලබා දුන් අතර නාරා ආයතනය විසින් රුහුණු විශ්ව විද්‍යාලය සමග එක්ව සිදු කරන පර්යේෂණයක් සඳහාද මෙම නෞකාව එක්වනු ඇති බවයි වාර්තා වන්නේ.