28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයාපනයේ හෙදියන්ට සේවා කාලය තුළ දුරකතන භාවිතය තහනම්

යාපනයේ හෙදියන්ට සේවා කාලය තුළ දුරකතන භාවිතය තහනම්

යාපනය ශික්ෂණ රෝහල තුළදී හෙදියන්ට හා අනෙකුත් සියළුම සේවකයින්ට සේවා කාලය තුළ ජංගම දුරකතන භාවිත කිරීම තහනම් කර තිබේ.

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ නියෝගයක් මතයි මෙම තහනම පනවා ඇත්තේ.

මෙම තීරණයට හේතුව වී ඇත්තේ පසුගියදා උණ රෝගය සදහා ප්‍රතිකාර ලබා ගැනීමට යාපනය ශික්ෂණ රෝහලට පැමිණි දැරියකගේ අතක් කපා ඉවත් කිරීමයි.

එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වූයේ දැරිය ඇතුළු කළ වාට්ටුවේ හෙදියගේ නොසැලකිල්ල හා එම හෙදිය රෝගියා පිළිබදව කිසිදු අවධානයක් යොමු නොකීරීම මෙලෙස අත කපා ඉවත් කිරීමට හේතු වූ බවයි.

එමෙන්ම හෙදියට එරෙහිව සාක්කි දී ඇති බොහෝ රෝගීන් පවසා අත්තේ එම හෙදිය සිය ජංගම දුරකතනය සමග කටයුතු කිරීමට දවසේ වැඩි කාලයක් ගන්නා බවත් රෝගීන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලබා නොදෙන බවත්ය.