31.1 C
Colombo
Tuesday, May 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරැඳවියන්ට දුම්කොළ සැපයූ 'මුගටියා' අත්අඩංගුවට

රැඳවියන්ට දුම්කොළ සැපයූ ‘මුගටියා’ අත්අඩංගුවට

බෝගම්බර බන්ධනාගාර රැඳවියන්ට තාප්පයට උඩින් ඉතා සූක්ෂමව දුම්කොළ සැපයූ ‘මුගටියා’ හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තෙල්දෙණිය පොලිස් වසමේ පහළ කොලොංගහ වත්ත හංදිය අසළදී සිදු කළ වැටලීමේදීයි මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එහිදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 140 ක් සන්තකයේ තබාගෙන සිටි කෙන්ගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 42 ක් වන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා තෙල්දෙණිය පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.

මෙම පුද්ගලයා කෙන්ගල්ල ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන ‘මුගටියා’ යන අනුවර්ථ නාමයෙන් හදුන්වනු බවට කරුණු අනාවරණය කරගෙන ඇත.

මොහු වසර 13 ක් බන්ධනාගාරගතව සිට ඇති අතර පල්ලේකැලේ (බෝගම්බර) බන්ධනාගාරයේ රැඳවියන් වෙත දුම්කොළ ආදිය තාප්පය මතින් සූක්ෂමව සපයනු ලබන පුද්ගලයකු බවට හඳුනාගෙන තිබෙනවා.