― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsගංජා වැවූ රුසියානු ජාතිකයා අත්අඩංගුවට

ගංජා වැවූ රුසියානු ජාතිකයා අත්අඩංගුවට

හබරාදුව පොලිසිය විසින් රුසියානු ජාතිකයෙකු විසින් පවත්වාගෙන ගිය ගංජා වගාවක් වටලා තිබේ.

රුසියානු ජාතිකයෙකුට පහර දී මුදල් බලෙන් ලබා ගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයෙකු සම්බන්ධව විමර්ශන කිරීමේදීයි මෙම ගංජා වගාව සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත්තේ.

පොලීසිය පවසන්නේ අත්අඩංගුවට ගත් රුසියානු ජාතිකයා නවාතැන්ගෙන සිටි වංචාවල, කදුරුදූව ප්‍රදේශයේ නවාතැන් පළක රහසිගතව මෙම ගංජා වගාව සිදුකරගෙන ගොස් ඇති බවයි.

එහිදී ගංජා පැළ 591ක් පොලිස් බාරයට ගෙන ඇති අතර එම ගංජා පැළ සමග රුසියානු ජාතිකයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.