27.6 C
Colombo
Friday, June 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsක්‍රිකට් ආයතනයෙන් පර්සි අබේසේකරට මිලියන 05ක්

ක්‍රිකට් ආයතනයෙන් පර්සි අබේසේකරට මිලියන 05ක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පර්සි අබේසේකරට රුපියල් මිලියන 5 ක මුදල් පරිත්‍යාගය සිදුකර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇත.

මොහාන් ද සිල්වා පැවසුවේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දිරිගන්වන්නෙකු ලෙසින් පර්සිගෙන් ලද දායකත්වය අපමණ බවත් ඔහු ක්‍රීඩකයින්ට සහ සමස්ත ක්‍රීඩාවට ශක්තියක් වූ බවත්ය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පර්සිගේ සෞඛ්‍ය තත්ත්වය සහ සුවදුක් විමසීම සඳහා ඔහුගේ නිවසට පැමිණි අවස්ථාවේදී මොහාන් ද සිල්වා විසින් අබේසේකර වෙත මෙම පරිත්‍යාගය භාරදී තිබෙනවා.