― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදැරියගේ මළසිරුර සොයා දෙන කෙනෙකුට ලක්ෂ 20ක්

දැරියගේ මළසිරුර සොයා දෙන කෙනෙකුට ලක්ෂ 20ක්

වවුනියාව භාරතීපුරම් ප්‍රදේශයේදී ජල ටැංකියකට වැටී මිය ගිය අවුරුදු 2ක් වයසැති දැරියගේ සිරුර මිහිදන් කළ ස්ථානයෙන් අතුරුදහන් වීම හේතුවෙන් එම සිරුර සොයා දෙන්නෙකුට රුපියල් ලක්ෂ 20ක් ලබාදෙන බවට මියගිය දැරියගේ ඥාතීන් පවසනවා.

නෙලුක්කුලම් පොදු සුසාන භූමියේදී පසුගිය අගෝස්තු මස 27 වැනිදා මිහිදන් කළ මළ සිරුර මෙම සැප්තම්බර් 05 වැනිදා කිසියම් පිරිසක් විසින් රැගෙන ගොස් ඇති බවටයි දැරියගේ ඥාතීන් විසින් නෙලුක්කුලම් සහ වවුනියාව පොලිස් ස්ථාන වෙත පැමිණිළි කර ඇත්තේ.

මේ දක්වා දැරියගේ මළ සිරුර සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් නොලැබීම හේතුවෙන් දැරියගේ මිත්තණිය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කර තම දියණියගේ සිරුර සොයා දෙන්නෙකුට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙන බවයි.

ඇය විදේශ රටක සිට මෙරටට පැමිණ ඇති අතර අනතුරුවයි මාධ්‍ය හමුවක් පවත්වමින් මේ බව සඳහන් කර ඇත්තේ. දැරියගේ මළ සිරුර සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොමැති වීමෙන් සියලුම ඥාතීන් දැඩි සිත්තැවුලකින් පසුවන බවයි ඇය සඳහන් කළේ.

අතුරුදහන් වී ඇති සිරුර සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ලබාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 10ක මුදලක් ලබාදෙන අතර සිරුර සොයාදෙන අයෙකුට රුපියල් ලක්ෂ 20ක් ලබාදෙන බවට එම කාන්තාව පවසනවා.

තමන්ට කෙසේ හෝ තම මිණිබිරියගේ සිරුර අවශ්‍ය බවයි අය කියා සිටියේ.