28.4 C
Colombo
Tuesday, September 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉරාන කාන්තාවන්ට තවත් දැඩි නීතියක්

ඉරාන කාන්තාවන්ට තවත් දැඩි නීතියක්

ඉරාන පාර්ලිමේන්තුව විසින් එරට කාන්තාවන් සඳහා දැඩි නීතියක් පනවා තිබෙනවා.

ඒ අනුව හිජාබ් නීතිය කඩ කරන කාන්තාවන් සඳහා වසර දහයක සිර දඬුවමක් සහ විශාල දඩ මුදලක් ක්‍රියාත්මක කිරීම සඳහා නව පනතක්ද සම්මත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඊයේ (20) ‘හිජාබය සහ නිර්මලත්වය’ නම් මෙම පනත් කෙටුම්පත සම්මත කර ඇති අතර මෙම කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 152ක්, විරුද්ධව ඡන්ද 34ක් හා හත් දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිට තිබේ.

ශරීරය නිරාවරණය වන හෝ ශරීරයට තද වූ හෝ ශරීරයේ බෙල්ලෙන් පහළ, වළලුකරට ඉහළ, නළලට ඉහළ කොටස් දර්ශනය වන හෝ ඇඳුම් ඇඳීම ඉරාන කාන්තාවන්ට නුසුඳුසු ඇඳුම් ලෙසයි ඔවුන් හඳුන්වන්නේ.