― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජීවිත දෙකක් දුම්රියට බිලිවෙයි

ජීවිත දෙකක් දුම්රියට බිලිවෙයි

පෑලියගොඩ පොලිස් වසමේ, කැලණිය දුම්රියපොළ අසළදී දුම්රිය මාර්ගයේ ගමන්ගත් අයෙක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (20) සවස් කාලයේ මෙම අනතුර සිදුව ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 45ත් 50ත් අතර උස අඩි 05යි අඟල් 05ක් වන කොළ පැහැති කමිසයකින් හා ක්‍රීම් පැහැති කොට කලිසමකින් සැරසුණු සාමාන්‍ය සිරුරකින් යුත් පිරිමි පුද්ගලයෙකි.

ඔහුගේ මෘත ශරීරය කොළඹ රෝහලේ තැන්පත් කර තිබේ.

පෑලියගොඩ පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

එමෙන්ම හික්කඩුව, කුරුදුවත්ත දුම්රිය හරස් මාර්ගය අසළදී රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රියේ ගැටී තවත් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 55ත් 60ත් අතරේ පසුවන උස අඩි 05ක, කෙට්ටු සිහින් සිරුරකින් යුත්, හිසෙහි මුදුන තට්ටය පෑදුන රතු, කළු පැහැති කොටු සහිත අත් කොට කමිසයකින් සහ සරමකින් සැරසුණ පිරිමි පුද්ගලයෙක් බවයි.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ තැන්පත් කර තිබේ.