31.7 C
Colombo
Monday, April 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකළුතර 08 දෙනෙක්ටමරණ දණ්ඩනය

කළුතර 08 දෙනෙක්ටමරණ දණ්ඩනය

කළුතර මහාධිකරණය විසින් අද (27) දිනයේදී 08 දෙනෙකුට මරණ දඩුවම නියම කර තිබේ.

තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්ධයෙනුයි ඔවුන්ට මෙම දඬුවම ලබා දී ඇථ්තේ.

කළුතර දකුණ කලිල් පෙදෙසේ පදිංචිව සිටී සෙයියර් මොහොමඩ් මොහොමඩ් ෆාරිස් නැමැත්තා 2003 මාර්තු මස 24 වැනිදා හෝ ඊට ආසන්න දිනක තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් 08 දෙනෙකුට එරෙහිව නීතිපති වරයා විසින් මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනු කර තිබුණි.

කළුතර, මහ හීනටියංගල ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි මොහොමඩ් සෙයින් මොහොමඩ් හම්සා, 49 හැවිරිදි අබ්දුල් කරීම් මොහොමඩ් රවිස්දීන්, 59 හැවිරිදි මොහොමඩ් මව්ස් මොහොමඩ්, 45 හැවිරිදි මොහොමඩ් රියාස්ඩීන් මොහොමඩ්, 47 හැවිරිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් ජින්නා, 43 හැවිරිදි මොහොමඩ් ජිෆ්රි මොහොමඩ් පිරිදව්ස්, 44 හැවිරිදි මොහොමඩ් සාහීර් මොහොමඩ් සියාම්, 45 හැවිරිදි මොහොමඩ් නිලාබ්දීන් මොහොමඩ් අජීල් යන අයවලුන්ට මෙසේ මරණ දඩුවම් නියම කර තිබේ.