― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldකැනඩා අගමැති සියල්ලන්ගෙන් සමාව ඉල්ලයි

කැනඩා අගමැති සියල්ලන්ගෙන් සමාව ඉල්ලයි

කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ එරට පාර්ලිමේන්තුවෙන්, යුක්රේන ජනාධිපතිවරයාගෙන් හා ලොව සමස්ත යුදෙව් වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබේ.

රුසියන් හමුදාවට එරෙහිව සටන් වැදුණු රණ විරුවකු බව පවසමින්, දෙවැනි ලෝක යුද්ධයේ දී, නාසි හමුදා බලඇණියකට සම්බන්ධ වී, යුක්රේන ජාතිකයකු පාර්ලිමේන්තුවට ගෙන්වා ඔහුට ගෞරව කිරීමේ සිද්ධිය මුල්කොට ගනිමිනුයි කැනඩා අග්‍රාමාත්‍යවරයා මෙලෙස සමාව ඉල්ලා ඇත්තේ.

දෙවැනි ලෝක යුද්ධයේදී යුදෙව් සංහාරයට එක්වුණු අමානුෂික ඝාතකයකු යුද වීරයකු කිරීම සම්බන්ධයෙන් තමා ලැජ්ජාවට පත් වූ බවත් කරුණු කාරණා හරිහැටි නොදැන යර්ලොස්ලේව් හුන්කා පාර්ලිමේන්තුවට කැඳවීම ලැජ්ජා සහගත බැවින් අග්‍රාමාත්‍ය ටෲඩෝ කැනඩා වැසියන්ගෙන් සමාව ඉල්ලා තිබේ.