― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsධනුෂ්කට පැනවූ ක්‍රිකට් තහනම ගැන ඇමතිගේ අවධානය

ධනුෂ්කට පැනවූ ක්‍රිකට් තහනම ගැන ඇමතිගේ අවධානය

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට පනවා ඇති තහනම ඉවත්කිරීම සම්බන්ධයෙන් සලකා බැලීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසනවා.

මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී ජාතික ක්‍රීඩා සභාව සමඟ සාකච්ඡාකර ඉදිරි කටයුතු කිරීමට බලාපොරොත්තුවන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. මේ අතර ධනුෂ්ක ගුණතිලකට පැන වූ තරග තහනම ඉවත් කිරීම කෙරෙහි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ද අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු නොවන බවට ඕස්ට්‍රේලියානු සිඩ්නි අධිකරණය අද (28) දැනුම් දුන්නා.

ඒ ඊට අදාළ තීන්දුව ඩවුනින් සෙන්ටර් දිස්ත්‍රික් උසාවියේ දී ප්‍රකාශයට පත් කරමින්. ධනුෂ්ක පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට ගොස් සිටිය දී අත්අඩංගුවට පත් වුණේ ටින්ඩර් නම් සමාජ මාධ්‍ය යෙදවුම මඟින් හඳුනාගත් කාන්තාවක් ලිංගිකව අපයෝජනය කිරීම යන චෝදනාව යටතේයි.