28 C
Colombo
Friday, October 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldතුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ආසන්නයේ පිපිරීමක්

තුර්කියේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ආසන්නයේ පිපිරීමක්

තුර්කියේ අන්කාරා අගනුවර අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ආසන්නයේ පිපිරීමක් සිදුවී තිබෙනවා. මෙය ත්‍රස්ත ප්‍රහාරයක් බවටයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශකර ඇත්තේ.

අද පෙරවරු 9.30ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු වාහනයකින් පැමිණ එල්ල කළ ප්‍රහාරයෙන් නිලධාරීන් දෙදෙනෙකුට තුවාල සිදු වී තිබෙනවා.

එක් ප්‍රහාරකයෙකු අමාත්‍යාංශ ගොඩනැගිල්ලක් ඉදිරිපිටදී සියදිවි නසාගෙන ඇති අතර අනෙක් ප්‍රහාරකයාගේ උත්සාහය අසාර්ථක වී ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

තුර්කියේ පාර්ලිමේන්තුව රැස්වීමට පැය කිහිපයක් තිබියදී මෙම පිපිරීම සිදුව ඇති අතර ප්‍රහාරකයන් කවුරුන්ද යන්න තවමත් පැහැදිලි වී නැහැ. එමෙන්ම ප්‍රහාරයේ වගකීම ද මෙතෙක් කිසිවකු භාරගෙන නොමැති බව සඳහන්.