27.8 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දුනීසියාවේ පළමු අධිවේගී දුම්රිය අද ඇරඹේ

ඉන්දුනීසියාවේ පළමු අධිවේගී දුම්රිය අද ඇරඹේ

ඉන්දුනීසියාව සිය ප්‍රථම අධිවේගී දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත් කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ චීන ජනපතිගේ – එක් තීරයක් එක් මාවතක් – සැලැස්ම යටතේ චීන අනුග්‍රය ඇතිව ඉදිකෙරුණු මෙම ව්‍යාපෘතිය සඳහා අමෙරිකානු ඩොලර් බිලියන 7.3ක මුදලක් වැය වී ඇති බවයි.

ඉන්දුනීසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝ අතින් විවෘත කෙරුණු මෙම නව දුම්රිය මාර්ගය ජකර්තා අගනුවර සහ ප්‍රධානතම ආර්ථික කේන්ද්‍රස්ථානයක් වන බැන්ඩුං වෙත සම්බන්ධ වේ.

පැයට කිලෝමීටර් 350 ක වේගයකින් ධාවනය කෙරෙන මෙම දුම්රිය හූෂ් ලෙස නම් කර ඇත්තේ විශ්වාසය සහ කාලය ඉතිරි කිරීම යන අර්ථය ඇතිවයි.