29.5 C
Colombo
Friday, May 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරිය අනතුරකින් දෙදරු පියෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් දෙදරු පියෙක් ජීවිතක්ෂයට

අද (02) උදෑසන නිට්ටඹුව, මල්වත්ත නගරයේදී වෑන් රථයක් යතුරු පැදියක ගැටීමෙන් දෙදරු පියෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ යතුරු පැදිය පදවාගෙන පැමිණි දෙදරු පියා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ වේයන්ගොඩ නුගේලන්ද පදිංචි සිටි 65 හැවිරිදි පුද්ගලයෙකි.

ජීවිතක්ෂයට පත් වූ තැනැත්තා වේයන්ගොඩ, මල්වත්ත මාර්ගයේ වේයන්ගොඩ දෙස සිට මල්වත්ත දෙසට යතුරු පැදියක් පදවා ගෙන පැමිණ කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට දැමීමත් සමග කොළඹ දෙස සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.