― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසීතා ඇතින්නගේ ශරීරයේ උණ්ඩ කොටස් 08ක්

සීතා ඇතින්නගේ ශරීරයේ උණ්ඩ කොටස් 08ක්

වෙඩි ප්‍රහාරයට ලක් වූ සීතා ඇතින්නගේ ශරීරය තුළ උණ්ඩ කොටස් 8ක් ඇති බව අනාවරණය වී තිබේ.

ඇතින්නට සිදු කළ ස්කෑන් පරීක්ෂණයෙනුයි මේ බව හඳුනාගෙන ඇත්තේ.

එම පරීක්ෂාව සිදු කිරීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇත්පන්තියේ පශු වෛද්‍ය තරිඳු විජේකෝන් වැඩිදුරටත් මෙසේද පැවසීය.

ස්කෑන් පරික්ෂණයෙන් අපිට හොයා ගන්න පුළුවන් උණා සීතාගේ සම තුළ ගිලී පවතන උණ්ඩ කොටස් 8ක්. අපි වාසනාවන්ත වෙනවා, ඒවා සම තුළ සෙන්ටිමීටර් 3ටත් වඩු අඩු දුරකින් ගිලා බැහැලා තියෙන්නේ කියලා ස්කෑන් පරීක්ෂණ වාර්තාවට අනුව. ඊට අමතරව උණ්ඩ කැබලි හේතුවෙන් ඇඟ ඇතුළේ සිදු වෙලා තියෙන තුවාලවල කිසි පැසවීමක් අපිට තාම නිරීක්ෂණය උණේ නෑ. අපි දන්නේ නෑ ඉදිරියේදි එහෙම වෙයි ද කියලා. ඇඟ ඇතුළේ තියෙන්නේ රබර් උණ්ඩ කොටස් ද, නැත්නම් ඊයම් උණ්ඩ කොටස් ද කියන එක අපිට තාම හරි තහුවරු කර ගැනීමක් කර ගන්න ලැබුණේ නෑ. ඒක හදුනාගන්න සැත්කමක් සිදු කරන්න තාම වෛද්‍යවරු තීරණය කරලා නෑ. තාමත් සීතා වෛද්‍ය අධික්ෂණ යටතේ ප්‍රතිකාර ලබනවා මහියංගන රජමහා විහාරයේ ඇත් ගාලේ.