― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකබ්රාල් සහ ලලිත් වීරතුංග නඩුවකින් නිදහස්

කබ්රාල් සහ ලලිත් වීරතුංග නඩුවකින් නිදහස්

හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට එරෙහිව පැවති නඩුවකින් ඔවුන් දෙදෙනා නිදහස් කර තිබේ.

ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 6.5 ක මුදලක් අමෙරිකානු ජාතිකයෙකුට ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ඔවුන්ට එරෙහිව නඩුවක් ගොනු කර ඇත.

ඊට අදාළ නඩුව අද (04) විභාගයට ගත් අතර එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ නඩුව නිෂ්ප්‍රභා කරමින් ඔවුන් දෙදෙනා නිදහස් කරන බවයි.

චූදිතයින්ට එරෙහි ඉදිරිපත් ඇති චෝදනා ඔප්පු කිරීම සඳහා පැමිණිල්ල ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නොමැති වීම හේතුවෙනුයි ඔවුන් නිදහස් කර ඇත්තේ.