33.9 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldඉන්දියාවේ ගංවතුරෙන් 102ක් අතුරුදන්

ඉන්දියාවේ ගංවතුරෙන් 102ක් අතුරුදන්

ඉන්දියාවට බලපෑ ගංවතුරෙන් අතුරුදන් වූ 102 දෙනෙකු බේරා ගැනීම සඳහා මෙහෙයුම් අරඹා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ ඊසානදිග සිකිම් ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට හමුදා සාමාජිකයින් 22 දෙනෙකු ඇතුළු 102 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි එරට බලධාරීන් තහවුරු කරන්නේ.

ගංවතුර තත්ත්වය නිසා පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර සංචාරකයින් 3,000 කට වැඩි පිරිසක් ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශවල අතරමංව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ප්‍රාන්තය පුරා සෝදිසි සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා නිලධාරීන් සිය ගණනක් යොදවා තිබේ.