― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකඳානේ මාලු ව්‍යාපාරිකයෙකුගේ නිවසට වෙඩි

කඳානේ මාලු ව්‍යාපාරිකයෙකුගේ නිවසට වෙඩි

කදානේ මාළු ව්‍යාපාරිකයකුගේ නිවසට අද (05) උදෑසන වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.

පොලීසිය පැවසුවේ කදාන, පොල්පිතිමුකලානේ පදිංචි මාළු ව්‍යාපාරිකයකු වන එච්. සුජිත් රෝහිත පෙරේරා යන අයගේ නිවසට ඩියෝ වර්ගයේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙලෙස වෙඩි තබා පලා ගොස් ඇති බවයි.

වෙඩි තැබීම සිදු වන අවස්ථාවේ මාළු ව්‍යාපාරිකයාගේ බිරිද හා දරු දෙදෙනා නිවස තුළ සිට ඇති අතර වෙඩි තැබීමෙන් කිසිවකුටත් තුවාල සිදු වී නොමැත.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කදාන පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.