27.2 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsධීවරයින්ට භූමිතෙල් ලබාදීමේ වැඩපිළිවෙළ ඇරඹේ

ධීවරයින්ට භූමිතෙල් ලබාදීමේ වැඩපිළිවෙළ ඇරඹේ

චීන රජයේ සැලැස්මට අනුව මෙරට ධීවරයින්ට භූමිතෙල් බෙදාදීමේ දෙවන අදියර පසුගිය 02 වැනිදා සිට රට පුරා ක්‍රියාත්මක කරනු ලැබීය.

ඒ අනුව සුළු පරිමාණ ධීවරයින්ට අදියර දෙකක් යටතේ භූමිතෙල් ලබාදෙනු ලබන අතර ධීවර දිස්ත්‍රික්ක 15ක ලියාපදිංචි වී සෘජුවම ධීවර කර්මාන්තයේ යෙදෙන OFRP සහ MTRB ධීවර බෝට්ටු 29,057කට භූමිතෙල් සැපයීමට පියවර ගෙන ඇත.

පළමු අදියර ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Shenhong යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පානදුර සමුද්‍ර වරායේදී පැවැත්විණි.