ඉන්දියාවේ සිකිම් ප්‍රාන්තයට බලපා ඇති ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 74 දක්වා ඉහළ ගොස් තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊසාන දිග සිකිම් ප්‍රාන්තයට බලපෑ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංගා කිහිපයක් පිටාර ගැලීමෙන් හිමාල කඳුවැටියේ ඉවුරක්ද පුපුරා ගොස් ඇති බවයි.
ගංවතුර හේතුවෙන් තවත් පුද්ගලයින් 101 දෙනෙකු අතුරුදන්ව ඇති අතර එලෙස අතුරුදන් වූ පුද්ගලයින් අතර හමුදා සාමාජිකයින් 14 දෙනෙකුද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


