26.7 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිස්ත්‍රික්ක 03ක නායයෑමේ රතු නිවේදන තවදුරටත්

දිස්ත්‍රික්ක 03ක නායයෑමේ රතු නිවේදන තවදුරටත්

මේ දිනවල පවතින වර්ෂාව හමුවේ දිස්ත්‍රික්ක 03කට නිකුත් කළ නායයෑමේ රතු නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබේ.

ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ ගාල්ල, මාතර හා කළුතර දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් ඒ අතරට ඇතුළත් බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, ඇල්පිටිය, නාගොඩ, ඉමදූව, ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් කළුතර දිස්ත්‍රික්කයේ ඉංඟිරිය, වළල්ලාවිට, මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, අකුරැස්ස හා හක්මන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් මෙලෙස අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබේ.

එමෙන්ම බදුල්ල, කොළඹ, ගම්පහ, හම්බන්තොට, මහනුවර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවලටද අදියර එක සහ දෙක යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි එම සංවිධානය පවසන්නේ.