25.6 C
Colombo
Saturday, June 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහින්ද කියන්නේ රටට ණය නැති නායකයෙක් - බෙල්ලන්විල හිමි

මහින්ද කියන්නේ රටට ණය නැති නායකයෙක් – බෙල්ලන්විල හිමි

මහින්ද රාජපක්ෂ යනු මේ රටට බිංදුවක්වත් ණය නැති නායකයෙක් බව පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමි පැවසූහ.

උන්වහන්සේ මේ බව සඳහන් කළේ අද (10) පෙරවරුවේ මහින්ද රාජපක්ෂ බෙල්ලන්විල රජමහා විහාරස්ථානය වැඳ පුදාගැනීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසූහ.

මේ රටේ බිහිවුණ නායකයින් අතරින් මේ රටට බිංදුවක්වත් ණය නැති නායකයෙක් තමයි මහින්ද රාජපක්ෂ කියන්නේ. මුළු රටම එතුමාට ණයගැතියි කියල මම බය නැතුව කියන්න කැමතියි. එතුමා අපේ රට මහා විශාල විනාශයකින් බේරාගත්තා. කවුරුත් බෑ කියද්දි, හැමෝම පසුපසට යද්දි, සමහර අය අතෑරලා දාද්දි ශ්‍රී ලංකාව එක්සේසත් කළේ එතුමා.”