23.9 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුද හමුදාවේ 1,879 දෙනෙකුට උසස්වීම්

යුද හමුදාවේ 1,879 දෙනෙකුට උසස්වීම්

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 74 වැනි සංවත්සරය අදට (10) යෙදී තිබේ.

74 වන යුද හමුදා සංවත්සර දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් 314 දෙනෙකු සහ සෙසු නිලයින් 1,565 දෙනෙකු ඔවුන්ගේ මීළඟ නිලයට උසස් කර ඇත.

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ හමුදා සංවත්සර දින පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ, යුධ හමුදාව සම්පත් කළමනාකරණයේදී ජාතියට ආදර්ශවත් වන අයුරින් නිසි ප්‍රමිතීන් සකස් කර නාස්තිය අවම කළ යුතු බවයි.

1949 වසරේ ආරම්භ වූ යුධ හමුදාව ගෙවුණු වසර 73 ක කාලයක් පුරා රටට හා ජනජීවිතවලට එල්ල වූ විවිධ තර්ජන හා අභියෝගවලදී, මාතෘභූමියේ ස්වෛරීත්වයත්, භෞමික අඛණ්ඩතාවය සහ ජනජිවිතවල සුරක්‍ෂිතතාව වෙනුවෙන් ජාතියේ ආරක්‍ෂකයා වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉමහත් සේවයක් ඉටු කළේ ය.

නිර්භීතභාවය, පක්ෂපාතිත්වය හා විශිෂ්ට කුසලතා සපිරි අභිමානයෙන් පිරිපුන්ව ශ්‍රී ලාංකේය ජාතියේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මහජන ගෞරවයට පාත්‍ර වී සිටි.

රටේ ආරක්ෂාවට අමතරව ජාතික ආපදා, ව්‍යසන මෙන්ම හදිසි අවස්ථාවල ශ්‍රී ලංකා යුධ හමුදාව ක්‍රියාත්මක වූයේ මානුෂියත්වය පෙරදැරි කරගනිමිනි.

පසුගිය වසරවලදී කොරෝනා උවදුරේදී සිය දිවි පරදුවට තබමින් අභීත රණවිරුවන් සිය නොනිමි මෙහෙවර ඉටු කළහ.