― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරිය අනතුරකින් රාජකාරියේ සිටි පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් රාජකාරියේ සිටි පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට

වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටීමෙන් රාත්‍රී මුර සංචාර රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙක් ඊයේ (09) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොල්ගහවෙල පොලීසියට අනුයුක්තව සේවය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙක්.

කොළඹ – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පුහුරිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ. කන්තලේ සිට කඩුවෙල ප්‍රදේශයට වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් මාර්ගය අසළ රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරියාගේ ගැටී තිබෙනවා.

එම අවස්ථාවේදී පොලිස් නිලධාරියා විසිවී ගොස් ඉදිරියෙන් නවතා තිබූ පොලිස් කැබ් රථයේ ගැටීමෙන් මෙම නතුර සිදුව ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් නිලධාරියා පොල්ගහවෙල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් තිබෙනවා.

ජීවිතක්ෂයට පත් වූ පොලිස් කොස්තාපල්වරයා පොල්ගහවෙල, ගිරාඹේ ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 45ක අයෙක්. අනතුර සම්බන්ධ ටිපර් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.