දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත දේහය බොරැල්ල කනත්තේදී ආදාහනය කිරීමට අවසර දෙන ලෙස එම පවුලේ ඥාතීන් කළ ඉල්ලීම අදාළ නියෝගය එම මරණයට හේතු සොයා බැලීම සඳහා පත් කළ විද්වත් විශේෂඥ වෛද්‍ය කමිටුවේ නිර්දේශවලින් පසුව ලබා දෙන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය ෂාෆ්ටර්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වෙත ඊයේ (09) දැනුම් දී තිබේ.
මියගිය ෂාෆ්ටර්ගේ දේහය ආදාහනය කිරීමට පවුලේ ඥාතීන් කරන ඉල්ලීමට අදාළ දිවුරුම් ප්‍රකාශ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය එම නීතිඥවරුන් වෙත දැනුම් දුන්නාය.
ඒ අනුව ෂාෆ්ටර්ගේ දේහය පිළිබඳව පරීක්ෂණ කටයුතු තවදුරටත් කළ යුතුව ඇති බැවින් අවසන් කටයුතු කිරීම සඳහා ඔහුගේ දේහය මුදාහැරීමට නොහැකි බවයි එම මරණය පිළිබඳව සොයා බැලීමට පත් කළ විද්වත් වෛද්‍ය කමිටුව අධිකරණය වෙත දැනුම් දී ඇත්තේ.


