30 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකොළඹ පාසල් සිසුන් අතර ඇස් රෝගයක්

කොළඹ පාසල් සිසුන් අතර ඇස් රෝගයක්

කොළඹ පාසල් සිසුන් අතර ඇස් රෝගය සීග්‍ර ලෙස පැතිර යන බව කලාප අධ්‍යාපන කාර්යාලය අනතුරු අඟවනවා.

කොළඹ කලාප අධ්‍යක්ෂ පී.ආර්. දේවබන්දු සියලු විදුහල්පතිවරුන්ට ලිපියක් යොමුකරමින් ප්‍රකාශ කරන්නේ ඇස් රෝගය වැලදී ඇති සිසුන් සිටී නම් වහාම පාසල අයත්වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය දැනුවත් කර නිර්දේශ ලබා ගන්නා ලෙසයි.

තවද එසේ පාසලේ ඇස් රෝගය වැලඳී ඇති සිසුන් සිටිනම් අනෙක් සිසුන්ගෙන් වෙන් කර තබා ගන්නා ලෙසද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දී ඇත.

මේ ආකාරයට විදුහල්පතිවරුන් දැනුවත් කර ඇත්තේ කොටහේන මධ්‍යම මහා විද්‍යාලයේ හය, හත, අට ‍‍ශ්‍රේණිවල සිසුන් ඇස් රෝගයට ගොදුරුවීම හේතුවෙනි.