25 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsමිනිස් ජාවාරමකට සම්බන්ධ චීන ජාතිකයෙක් අත්අඩංගුවට

මිනිස් ජාවාරමකට සම්බන්ධ චීන ජාතිකයෙක් අත්අඩංගුවට

මිනිස් වෙළඳාමක නිරත වූ චීන ජාතිකයෙකු බත්තරමුල්ල ප්‍රදේශයේදී තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමෘද්ධිය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි චීන ජාතිකයෙක් වන අතර මොහු තායිලන්තයේ රැකියා ලබාදෙන බව පවසා නීතිවිරෝධී ලෙස මියන්මාරයට හා ලාඕසයට පුද්ගලයන් රැගෙන ගොස් ඇති බවයි එම කොට්ඨාසය පවසන්නේ.

තැනැත්තන් වෙළඳාම, ජාවාරම් විමර්ශන හා සමෘද්ධිය අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමරකෝන් බණ්ඩාට ලද තොරතුරකට අනුවයි සැකකරු ඊයේ (10) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ශ්‍රී ලාංකිකයන් පිරිසක් තායිලන්තයේ පරිගණක දත්ත ඇතුලත් කරන්නන් සහ පාරිභෝගික සේවා ආයතන හි රැකියා ලබාදෙන බවට පවසා සැකකරු ඔවුන්ගෙන් ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් ලබාගෙන මෙම මිනිස් ජාවාරම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.