23.4 C
Colombo
Thursday, May 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentරිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරියක් ජීවිතක්ෂයට

රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරියක් ජීවිතක්ෂයට

අඹේපුස්ස ත්‍රිකුණාමලය ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම විහාරස්ථානය ආසන්නයේදී සිදු වූ රිය අනතුරකින් පොලිස් කොස්තාපල්වරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ මෙම අනතුර සිදුවී ඇත්තේ ඇය ගමන් කළ යතුරුපැදිය ටිපර් රථයක ගැටීමෙන්.

අනතුරින් බරපතල තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරිය දඹුල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඇය පේදුරුතුඩුව පොලිසියට අනුයුක්තව සේවය කළ 24 හැවිරිදි කොස්තාපල්වරියක්.

නිවාඩු ලබා ඇතාබැඳිවැව ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණෙමින් සිටින අතර මෙම අනතුරට ලක්වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ. පොලිස් අත්අඩංගුවට ගෙන ඇති ටිපර් රථ රියදුරා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුර සම්බන්ධයෙන් ගලේවෙල පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.