28 C
Colombo
Wednesday, October 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeWorldහමාස් සංවිධානය මුලිනුපුටා දමනවා - ඊශ්‍රායල අගමැති

හමාස් සංවිධානය මුලිනුපුටා දමනවා – ඊශ්‍රායල අගමැති

හමාස් සාමාජිකයන් සියලු දෙනා ඝාතනය කරන බවත් ගාසා තීරයෙන් හමාස් සංවිධානය මුලිනුපුටා දමන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ප්‍රතිඥා දී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඊයේ (11) රාත්‍රියේ රටවැසියන් අමතමින් අග්‍රාමත්‍යවරයා මේ බව පැවසූ බවයි.

“හමාස් කියන්නේ ගාසි තීරයේ ත්‍රස්තවාදීන්. ඔවුන් සහ අයි.එස්. ත්‍රස්තවාදීන් අතරේ වෙනසක් නැහැ. ලෝකය අයි.එස්. සංවිධානය විනාශ කළ ආකාරයට අපි හමාස් සංවිධානය විනාශ කරනවා. සියලුම හමාස් සාමාජිකයන්ට මැරෙන්න වෙනවා.”