26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඅභිරහස් ලෙස මියගිය කඳුකර කොටියෙකුගේ සිරුරක්

අභිරහස් ලෙස මියගිය කඳුකර කොටියෙකුගේ සිරුරක්

අභිරහස් ලෙස මියගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් සොයාගැනීමට අද (13) හැකි වූ බව නල්ලතන්නිය වනජීවී කාර්යාලය පවසනවා.

මෙලෙස මියගොස් සිටි කඳුකර කොටියාගේ සිරුරේ සමේ කොටසක් කිසියම් අයෙකු විසින් කපාගෙන ගොස් ඇති බවයි එම වනජීවී කාර්යාලය සඳහන් කර සිටියේ.

කාසල්රි ජලාශයට ඉහළින් වූ කාසල්රි ලෙදන්ටි වතුයායේ තේ වත්ත මැද පිහිටි ලඳු කැලෑවක මියගිය කඳුකර කොටියෙකුගේ සිරුරක් ඇති බවට එම වතු යායේ කම්කරුවන් විසින් සිදුකළ දැනුම්දීමකට අනුවයි වනජීවී නිලධාරීන් එහි ගොස් ඇත්තේ.

අවුරුදු එක හමාරක පමණ කඳුකර කොටියෙක් මෙලෙස මියගොස් ඇති අතර මෙම සත්වයා ගැහැණු සතෙක් බවයි වාර්තා වුණේ.

මෙම කඳුකර කොටියාගේ සිරුර හැටන් මහේස්ත්‍රාත්වරයා වෙත අද (13) දිනයේදී ඉදිරිපත්කර අධිකරණ නියොගයක් ලබාගෙන, සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රොහල වෙත රැගෙන යෑමට කටයුතු කරන බවයි නල්ලතන්නි වනජීවී කාර්යාල පැවසුවේ.