24.5 C
Colombo
Tuesday, February 10, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalඇස් රෝගය නිසා යටියන්තොට පාසලක පන්තියක් වැසෙයි

ඇස් රෝගය නිසා යටියන්තොට පාසලක පන්තියක් වැසෙයි

අක්ෂි රෝගයක් හේතුවෙන් යටියන්තොට ප්‍රදේශයේ පාසලක 5 ශ්‍රේණියේ පන්ති කාමරයක් වසා දැමීමට පියවර ගෙන තිබේ.

මෙලෙස 5 ශ්‍රේණියේ පන්ති කාමරයක් වසා දමා ඇත්තේ යටියන්තොට සිරිවර්ධන මහා විද්‍යාලයේයි.

එම පාසලේ ඉගෙනුම ලබන 5 ශ්‍රේණියේ සිසුන් පිරිසකට අක්ෂි රෝගය වැළඳීම සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ.

එම පන්ති කාමරයේ සිසුන් 13 දෙනෙකුට අක්ෂි රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇති අතර රෝග ව්‍යාප්තිය පාලනය කිරීම හා සෙසු ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් එම පන්ති කාමරයේ සියලු සිසුන්ට නිවාඩු ලබාදීමටයි පාසල් බලධාරීන් පියවර ගෙන ඇත්තේ.